ඔස්ට්‍රේලියානු රියදුරන්ගෙන් 29% ක් බීමත්ව රිය පදවන බව හෙළිවෙයි

සෑම ඔස්ට්‍රේලියානු රියදුරන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් අධිකව බීමත්ව රිය පදවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

සමීක්ෂණයට භාජනය වූවන් අතුරින් සියයට 12 ක් අධිකව බීමත්ව සිටියදී රිය ධාවනයේ යෙදෙන අතර තවත් සියයට 17 ක් නියමිත සීමාව ඉක්මවා බීමත්ව සිටියදී රථ ධාවනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

1/3 ක් පමණ මත්පැන් පානය කල දිනයට පසු දිනයේදී රිය ධාවනය කල බවට පිළිගෙන තිබෙනවා.

සමීක්ෂණයට ලක්වුවන් අතුරින් සියයට 45 කට වැඩි පිරිසක් පසුගිය මාස 06 තුළ බීමත් රියදුරන් වැටලීමේ ශ්වසන පරීක්ෂණයන්ට එක් අවස්ථාවකදී හෝ ලක්ව ඇති බව ද සඳහන්.

විචාරකයින් පවසන්නේ බීමත් රියදුරන් වැටලීම සදහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිදුකෙරෙන ශ්වසන පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් වැඩි කල යුතු බවයි.

අදාළ ශ්වසන පරීක්ෂණ වසරකට ප්‍රාන්තය පුරා මිලියන 7.3 කට අධික ප්‍රමාණයක් සිදු කිරීමට නියමිතව තිබුණද වාර්ෂිකව සිදුවන්නේ මිලියන 3.8 ක් වැනි ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ.

වසරේ මේ දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බීමත් රියදුරන් හේතුවෙන් සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල ජීවිත 35 ක් අහිමිව තිබෙනවා

පසුගිය වසරේ නිව් සවුත් වේල්ස් මාර්ග ගාස්තු සියයට 24 කින් ඉහළ දැමීමත් සමග රථවාහන නීති උල්ලංඝණය කරන රියදුරන් සංඛ්‍යාව පාලනය සදහා බලධාරීන් වැඩි අවධානයක් යොමු කල යුතු බව විචාරකයින් පවසනවා.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »