ඔස්ට්‍රේලියාව තුළ වාසය කරන, විදේශයන්හි උපන් පුද්ගලයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ ජූනි 30 වනදා වනවිට මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 29.5 ක් වෙනත් රටවලදී උපත ලබා මෙරටට සංක්‍රමණයවූවන් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අනුව 2021 ජූනි සිට 2022 ජූනි දක්වා එම වැඩිවීම පුද්ගලයන් 155,000 කට ආසන්න බවයි දත්ත වාර්තාවල දැක්වෙන්නේ.
වැඩිම පිරිසක් උපත ලබා ඇති රටවල් 05 වන්නේ මහා බ්‍රිතාන්‍යය – ඉන්දියාව – චීනය – නවසීලන්තය සහ පිලිපීනය යි.
ගතවූ වසර 10 තුළදී ඔස්ට්‍රේලියාව තුළ වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත්තේ ඉන්දියාවේ උපත ලැබූවන් බව ද සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තාවල සඳහන්.
එම ලැයිස්තුවේ 09 වන ස්ථානයට ශ්‍රී ලංකාවේ උපත ලැබූවන් පත්ව සිටින අතර 2022 සංගණනය අනුව සමස්ත ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් සංඛ්‍යාව 145,430 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වෙනත් රටවලදී උපත ලැබූවන්ගේ ඉහළම ප්‍රතිශතය වාර්තාවෙන්නේ බටහිර ඔස්ට්‍රේලියාවෙන් වන අතර එය සියයට 34 ක්.
දෙවන ස්ථානය වික්ටෝරියාවට හිමිවන අතර අඩුම පිරිස ටස්මේනියාවෙන් වාර්තා වන්නේ සියයට 16 ක ප්‍රතිශතයක් ලෙසයි.