වසර 10 ක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස ලක්ෂ 08 ක් ඉදිකිරීමට පියවර

වසර 10 ක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස ලක්ෂ 08 ක් ඉදිකිරීමට අදාළ ව්‍යාපාතියක් සඳහා නව බඳවාගැනීම් සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

ප්‍රාන්තය තුළ පවතින නිවාස අර්බුධයට පිළියම් ලෙස නව නිවාස සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමටයි වික්ටෝරියානු බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රවාහන හා සැලසුම් දෙපාර්තමේන්තුව වෙත අතිරේක කාර්ය මණ්ඩල නිලධාරීන් 90 දෙනෙකු බදවා ගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව නගර සැලසුම්කරුවන් බදවා ගැනීම තුළින් කඩිනම් සේවාවක් අපේක්ෂා කරන බවද ජසින්ටා ඇලන් එහිදි සදහන් කළා.

නව බදවාගැවීම් වල වෘත්තීය ආරක්ෂාව සහ රැකියා ස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය වගකීමට බැදී සිටින බවද අග්‍රාමාත්‍යවරිය අවධානය කර තිබෙනවා.

ඒ අනුව දැරිය නොහැකි නිවාස මිල ගණන් හේතුවෙන් පීඩා විදින වික්ටෝරියානුවන් වෙනුවෙන් ඉදිරි වසර 10 තුල සහන අත් කරදීම තම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් එහිදි සඳහන් කළා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »