ස්ව කැමැත්තෙක් මරණය අත්කර ගැනීමේ කෙටුම්පත ACT ප්‍රාන්ත පාර්ලිමෙන්තුවට

ස්ව කැමැත්තෙක් මරණය අත්කර ගැනීමේ පණත් කෙටුම්පත ACT ප්‍රාන්ත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ස්ව කැමැත්තෙක් මරණය අත්කර ගැනීමට එරෙහිව වසර 25 කට පෙර සිට පණවා ඇති තහනම අදාල කෙටුම්පත සම්මත වීමත් සමග ඉවත්වනු ඇති.

ස්ව කැමැත්තෙක් මරණය අත්කර ගැනීම සදහා වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු අතර අවම වශයෙන් වසරකට ආසන්න කාලයක් යම් රෝගයකින් දැඩි පීඩාවට පත්වීම, අදාළ රෝගීයා හට තීරණ ගැනීමේ හැකියාවක් පැවතීම සහ වෛද්‍ය නිර්දේශ මේ සඳහා බලපානු ලබනවා.

අදාළ සුදුසුකම් සහිත රෝගීන් ස්ව කැමැත්තෙන් මරණය අත්කර ගැනීමට ඉල්ලූම් කල හැකියි.

කෙසේ වෙතත් අදාළ පනත් කෙටුම්පතට එරෙහි චෝදනා නගන පිරිස් පවසන්නේ මෙය රාජ්‍ය අනුග්‍රහය සහිතව සියදිවි නසා ගැනීමට අවස්ථාව ලබාදීමක් බවයි.

පනත් කෙටුම්පත ACT ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර මහජනතාවට මේ සම්බන්ධ අදහස් හෝ විවේචන ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

අදාළ පනත් කෙටුම්පත සම්මත වුවහොත් එතැන් පටන් මාස 18කට පසු නීති බලාත්මක වනු ඇති.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »