නිසි නින්දක් නොලැබීම ඩිමෙන්ෂියා අවදානම ඉහළ දමන බව ඔස්ට්‍රේලියා අධ්‍යයනයකින් හෙළිවෙයි

නිසි ආකාරයේ නින්දක් නොලැබීම ඩිමෙන්ෂියා රෝග අවදානම ඉහළ දමන බව ඔස්ට්‍රේලියාවේදී සිදුකල නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

විශේෂයෙන් කෙටි නින්දක් සදහා හුරුව ඇති වැඩිහිටි පුද්ගලයින්ට මින් සිදුවන බලපෑම ඉහළ බවයි මොනෑෂ් සරසවියේ මනෝවිද්‍යාව සහ ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්ය මැතිව් පැසේ අවධාරණය කර ඇත්තේ.

නිසි ආකාරයේ ක්‍රමවත් නින්දක් ලැබීම මානසීක සෞඛ්‍ය කෙරෙහි සෘජු දායකත්වයක් සපයන අතර මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා ද බලපෑම් කරන බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.

වසර පුරාවට කෙටි නින්ද සඳහා හුරුව ඇති පුද්ගලයින් ඩිමෙන්ෂියා අවධානමට ගොදුරුවීමේ අවධානම සියයට 27 කින් ඉහළගොස් ඇති අතර ඇල්සයිමර් වැනි රෝග සඳහා ඔවුන් ගොදුරු වීමේ ප්‍රතිශතය සියයට 32 ක්.

මේ අතර නින්දට පෙර මධ්‍යසාර සහ කැෆේන් අඩංගු ආහාර පාන භාවිතයෙන් වැලකී සිටින ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දී තිබෙනවා.

නින්දෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා සෑම දිනයකම රාත්‍රි කාලයේ අවම වශයෙන් පැය 07 සිට 09 දක්වා අඛණ්ඩ නින්දක් ලැබීම සුදුසු බවයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ.

පුද්ගලයින් 346 දෙනෙකු භාවිත කරමින් දීර්ඝ කාලයක් පුරා මෙම අධ්‍යයනය සිදු කෙරුණා.

ඔස්ට්‍රේලියාවේ මරණවලට හේතු අතර අංක එක ස්ථානයේ පසුවන්නේද ඩිමෙන්ෂියා රෝගයයි.

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »