පවතින අකුණු සහිත කාළගුණය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ඇදුම සහ Hay fever රෝගීන්ට විමසිල්ලෙන් පසුවන්නැයි දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ බටහිර සහ දකුණු ගිප්ස්ලන්ඩ් ප්‍රදේශවල ජනතාව එහිදී වැඩිම අවධානම් කාණ්ඩය වන බවයි.
අකුණු සහ සුළං කාළගුණයත් සමග පරාග ව්‍යාප්තියේ ඉහළයාමත් සමග සැම වසරකම ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා ඇදුම සහ Hay fever රෝගීන් අවධානයෙන් සිටිය යුතු කාලසීමාවක් ලෙසයි සැළකෙන්නේ.
ඔස්ටේ්රලියාවේ ප්‍රාන්ත අතුරින් වැඩිම Hay fever අවධානම පවතින්නේද වික්ටෝරියා ප්රාන්තයටයි.
හැකිතාක් නිවාස තුළම රැඳී සිටීමත් වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසටත් ඇදුම සහ Hay fever රෝගීන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.