Woolworths Everyday Rewards දීමනා නැවතත් Online මිළදී ගැනීම්වලටත්

පාරිභෝගිකයන්ට ලබාදෙන Everyday Extra Rewards දීමනා ක්‍රමවේදය නැවතත් වෙනසකට ලක් කිරීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය සැළසුම් කර තිබෙනවා.

පසුගිය ජූලි පළමුවනදා සිට වෙළඳ සැල් වෙත පැමිණ සිදුකරන මිළදී ගැනීම් සඳහා පමණක් මාසික ප්‍රසාද දීමනා ලබාදීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ.

ඒ අනුව ඔන්ලයින් මිළදී ගැනීම් සඳහා එය අදාළ නොවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැඩි අප්‍රසාදයක් පළ කර තිබුණා.

එහි ප්‍රථිඵලයක් ලෙස නොවැම්බර් පළමුවනදා සිට නැවතත් ඔන්ලයින් මිළදී ගැනීම් සඳහාද Everyday Extra Rewards වරප්‍රසාද දීමනා අදාළ කිරීමටයි Woolworths සුපිරි වෙළඳසැල් ජාලය පියවර ගෙන ඇත්තේ.

ඉදිරි උත්සව සමය සහ නත්තල් වකවානුවේදී මෙමගින් පාරිභෝගිකයන්ට සුවිශාල සහනයක් අත්වනු ඇති බවටද අනාවැකි පළවනවා.

Big W සහ Woolworths, Everyday Extra Rewards ගණුදෙනුකරුවන්ට මාසිකව බිල්පත් වටිනාකමින් සියයට 10 ක වට්ටම් ලබාගත හැකියි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »