ඔස්ට්‍රේලියාව තුළ ගුරු හිගය මගහරවාලීම සඳහා $ මිලියන 10 ක ප්‍රචාරණ වැඩපිළිවෙලක්

ඔස්ට්‍රේලියාව තුළ ගුරු හිගය මගහරවාලීම සඳහා ලේබර් පක්ෂ රජය විසින් ‘Be That Teacher’ යනුවෙන් නව ප්‍රචාරණ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

දැනට ගුරු වෘත්තියේ නිරතවන ජීවිතය ජයගත් චරිත යොදාගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 10 ක්.

අදාළ ගුරුවරුන් විසින් ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳ තොරතුරු මෙහිදී ඉදිරිපත් කරනු ලබන අතර ගුරු වෘත්තියේ වැදගත්කම එහිදී ඉස්මතු කෙරෙනු ඇති.

ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා දැන්වීම් පුවරු – පොදු ප්‍රවාහනය – සමාජ මාධ්‍ය වැනි සියලු අංශ ආවරණය වන පරිදි මෙම ප්‍රචාරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් නිවේදනය කලේ.

ගුරු වෘත්තිය කෙරෙහි සමාජයේ පැවති ඉහළ ප්‍රසාදය අඩුවෙමින් ඇති බවත්, එය එම වෘත්තිය හැරදා වෙනත් අංශ වෙත යොමුවීමට මෙන්ම අලුතින් ගුරු වෘත්තියට පිවිසීම් අඩුවීමටද බලපා ඇති බව මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වුණා.

එවැනි දැ වළක්වා ගුරුවරුන් වැඩි වශයෙන් සේවයට බඳවා ගැනීම සහ දැනට පවතින උග්‍ර ගුරු හිගය මගහරවාලීමටද මෙම ප්‍රචාරණ ක්‍රියාන්විතය ඉවහල් වනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් කියාසිටියේ.

මේ අතර ගුරු උපාධියක් හැදෑරීම සඳහා ඩොලර් 40,000 ක් දක්වා වන ශිෂ්‍යත්ව පිරි නැමීමේ වැඩපිළිවෙලක්ද ලේබර් රජය විසින් ඉදිරි දිනවලදී හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »