NSW පුහුණුවන පොලිස් නිළධාරීන් සඳහා $ 30,984 ක වැටුපක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුහුණුවන පොලිස් නිළධාරීන් සඳහාද වැටුපක් ගෙවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ මාර්තු මාසයේ සිට බලාත්මක වන පරිදි සති 16 ක කාලයක් ආවරණය වන පරිදි ඩොලර් 30,984 ක මුදලක් ඔවුන්ට හිමිවන බවයි ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් නිවේදනය කලේ.

සතියකට ඩොලර් 1,360 ක පමණ වැටුපක් සහ ඩොලර් 380 ක දීමනාවක් ලෙස මෙම ගෙවීම් සිදුවනු ඇති.

අලුතින් පාඨමාලා සඳහා බඳවා ගැනෙන නවක නිළධාරීන්ට මෙම වරප්‍රසාදය හිමිවන අතර දැනටමත් පුහුණුවීම්වල නිරත වන පොලිස් නිළධාරීන්ට අසාධාරණයක් නොවනු පිණිස ඩොලර් 21,000 ක ශිෂ්‍යත්වයක් බැගින් පිරි නැමීමටද පියවර ගෙන තිබෙනවා.

නිවු සවුත් වේල්ස් පුහුණු පොලිස් නිළධාරීන්ගේ හිගය මේ හරහා මග හරවා ගත හැකිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

දැනට ප්‍රාන්තයේ පවතින පුහුණු පොලිස් නිළධාරී ඇබෑර්තු සංඛ්‍යාව 1,500 ඉක්මවා ගොස් තිබෙනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »