පිදුරු හිගය හේතුවෙන් QLD – NSW ගොවීන් දැඩි දුශ්කරතාවක

ලැව්ගිණි අවධානම ඉහළයෑමත් සමග ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල සත්ව කර්මාන්ත ආශ්‍රිත ගොවීන් පිදුරු හිගය හේතුවෙන් දැඩි දුශ්කරතාවකට පත්ව තිබෙනවා.

සත්ව ගොවීන් පෙන්වා දෙන්නේ සතුන් පෝශණය කිරීම සදහා අවශ්‍ය පිදුරු මිලදී ගැනීමට මාසයකට ඩොලර් මිලියනයකට අධික වියදමක් දැරීමට සිදුවන බවයි.

ගොවීන් සදහා උපකාර කිරීමට කැමති පිරිස් 1300 327 624 යන දුරකතන අංකය ඔස්සේ සම්බන්ධවී පරිත්‍යාග ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කෙරෙනවා.

ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල මේ දින වල පවතින සක්‍රිය ලැව්ගිණි හේතුවෙන් ඉදිරියේ දී පිදුරු ඉල්ලූම තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

මේ අතර ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ජනතාව ලැව්ගිනි අවධානම හේතුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලැව්ගිනි අවධානම හේතුවෙන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස 50 ක් පමණ මේ වන විටත් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ගිනි නිවිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වනු ඇති.

දැඩි වියළි කාලගුණය සහ සුළිසුළං අවධානම තවදුරටත් පවතින අතර ජනතාව නිරතුරු අවධානයෙන් පසුවන ලෙස කාලගුණ අංශ වැඩිදුරටත් දන්වා සිටිනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »