ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අලෙවි කෙරෙන සන්ස්ක්‍රීන් විශේෂයක් පිළිබද අනතුරු ඇගවීමක්

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අලෙවිය සදහා තිබු සන්ස්ක්‍රීන් විශේෂයක් පිළිබද පාරිභෝගික අධිකාරිය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

බොන්ඩායි සෑන්ඩ්ස් ලෙස නම් කර ඇති සන්ස්ක්‍රීන් විශේෂය මුහුණේ ආලේප කිරීම සුදුසු ද යන්න පිළිබඳ අදාළ ඇසුරුමෙහි සදහන් නොවීම ඊට හේතුවයි.

අදාළ ආලේපනය ආශ්වාස කිරීමෙන් ශ්වසන ආබාධ පවා ඇති විය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත්තේ

විශේෂයෙන් එම ආලේපන මුහුණට භාවිත කිරීමට පෙර දෑත්වල ආලේප කර තම සමට සුදුසු දැයි පරික්ෂා කරගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ හිරු කිරණෙන් ආරක්ෂාවීම සදහා භාවිත කරන සන්ස්ක්‍රීන් ආලේප කල යුත්තේ පැහැදිලි වාතාශ්‍රයක් සහිත ප්‍රදේශ තුලදී පමණක් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධ ගැටලූ ඇති පාරිභෝගිකයින් බොන්ඩායි සෑන්ඩ්ස් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙස දන්වා සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »