වික්ටෝරියා ප්‍රාන්තයේ 12 වන ශ්‍රේණිය සිසුන් සඳහා ඊයේ පැවති VCE විභාග ප්‍රශ්න පත්‍රයක පැවති දෝෂ සම්බන්ධයෙන් ප්‍රාන්ත අධ්‍යාපන ඇමති මෙන්ම නියෝජ්‍ය අගමැති බෙන් කැරොල් සමාව අයැද තිබෙනවා.
සාමාන්‍ය ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෝෂ 02 ක් සම්බන්ධයෙන් විශාල පිරිසක් පැමිණිලි කර ඇති බවයි ඔහු සඳහන් කලේ.
ළකුණු ලබාදීමේදී මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන බවටත් බෙන් කැරොල් විසින් සහතික වී තිබෙනවා.
එමෙන්ම සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවටයි වික්ටෝරියා ප්‍රාන්ත රජය පොරොන්දු වී ඇත්තේ.
ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට පෙර අවස්ථා කිහිපයකදී පරීක්ෂා කර බලන තත්වයකදී මෙවැන්නක් සිදුවූයේ කෙසේද යන්න එහිදී විමසා බලන බවත් වික්ටෝරියා ප්‍රාන්ත අධ්‍යාපන ඇමති මෙන්ම නියෝජ්‍ය අගමැති බෙන් කැරොල් අවධාරණය කරනවා.