Search

ඔස්ට්‍රේලියානු ව්‍යාපාර verify කිරීමට මෙටා සමාගමෙන් අලුත් වැඩක්

ඔස්ට්‍රේලියානු ව්‍යාපාර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් සමාජ ජාල තුළ සත්‍යාපනය (verify) කිරීම සඳහා මෙටා සමාගම විසින් නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා.

මාසයකට ඩොලර් 46 ක ගාස්තුවක් යටතේ සේවාවන් කිහිපයක් සැපයීමයි මෙහිදී සිදුවන්නේ.

අදාළ ව්‍යාපාරය ඔස්ට්‍රේලියාව තුළ ලියාපදිංචි කර ඇතිද යන්න මෙන්ම දුරකථන සහ විද්‍යුත් තැපැල් වැනි ක්‍රමවේද හරහා සිදුකර ගන්නා තහවුරු කිරීම් පළමු අධිරේදී සිදුවනවා.

ඉන් අනතුරුව එම ව්‍යාපාරයේ සමාජ මාධ්‍ය පිටු සඳහා නිල් පැහැති තහවුරු කිරීමේ සළකුණ නිකුත් කෙරෙන ඇති.

හැක් කිරීමක් වැනි අව්සථාවකදී පාරිභෝගික සේවා සහය ක්ෂණිකව සැපයීමත්, පරිශීලකයන් විසින් සිදුකරන සෙවීම් (search) කටයුතුවලදී ඉහළින්ම ව්‍යාපාරයේ නාමය දිස්වීම වැනි අමතර ප්‍රතිලාභත් මේ යටතේ අදාළ ව්‍යාපාර වෙත හිමි වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් ව්‍යාපාර සඳහා වන මෙම සත්‍යාපන ක්‍රියාවලිය තනි පුද්ගල ගිණුමක් සඳහා මෙන් පහසු එකක් නොවන අතර තරමක් සංකීර්ණ බවයි මෙටා සමාගම දන්වා සිටින්නේ.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »