
පැවති ලිබරල් සන්ධාන රජය විසින් කොවිඩ් සමයේදී ක්‍රියාත්මක කල JobKeeper (ජොබ් කීපර්) දීමනාව හමුවේ ලක්ෂ 03 ත් 08 ත් අතර පිරිසකට රැකියා වරප්‍රසාද හිමිවූ බවට තහවුරු වී තිබෙනවා.
ඒ සඳහා ෆෙඩරල් රජය විසින් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 88 ක්.
කොවිඩ් සමයේදී රැකියා අහිමිවූවන් සඳහා රැකියාවක් සොයාගන්නා තෙක් සති 02 කට ඩොලර් 1,500 ක් බැගින් වූ දීමනාවක් ගෙවනු ලැැබුවා.

සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ එලෙස දීමනා ලැබූවන් අතුරින් 1/10 කට පමණ කොවිඩ් සමයට පෙර ඔවුන් ලැබූ වැටුපට වඩා වැඩි මුදලක් JobKeeper දීමනාව ලෙස ලැබී ඇති බවයි.
අසීරු කාලයකදී රැකියා අහිමිවූවන් වෙනුවෙන් සහන සැලසෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි ලිබරල් සන්ධාන රජයේ හිටපු භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් සඳහන් කර ඇත්තේ.
