අද Halloween දින අමුතු මුහුණු පැළඳ රිය පැදෙව්වොත් දඩ මෙහෙමයි

අදට යෙදී ඇති හැලොවීන් දිනය සැමරීමේදී විවිධ වෙස් මුහුණු පැළඳ රිය ධාවනයේදී දඩ නියමකල හැකි බවට අනතුරු ඇගවෙනවා.

ඒ අනුව හැලොවීන් උත්සවයේදී ජනප්‍රිය වට්ටක්කා මුහුණු හෝ වෙනත් එවැනි දෑ පැළඳ රිය ධාවනය නොකරන ලෙසයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

1961 මාර්ග රථවාහන ආඥා පණතේ 297 වන නීතියට අනුව රියදුරාට තමා පදවන වාහනයේ පාලනය නිසි ලෙස පැවතිය යුතුවීමත්, ඉදිරිපස මාර්ගය හොඳින් දර්ශනය වන ආකාරයෙන් රථය තබාගත යුතු වීමත් අනිවාර්ය කරුණක් වනවා.

මෙම රෙගුලාසි කඩ කලහොත් ක්වීන්ස්ලන්ඩ් හිදී ඩොලර් 361 ක් / දකුණු ඔස්ට්‍රේලියාවේදි ඩොලර් 215 ක් / නිවු සවුත් වේල්ස් හිදී ඩොලර් 514 ක් සහ වික්ටෝරියා හිදී ඩොලර් 288 ක දඩයක් නියම කල හැකියි.

එමෙන්ම වරදෙහි ස්වභාවය අනුව අධිකරණයක් වෙත යොමු වුවහොත් වික්ටෝරියා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලදී පිළිවෙලින් ඩොලර් 962 සහ ඩොලර් 1500 ක දඩ නියම කල හැකියි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »