NSW පොදු මගී ප්‍රවාහන සේවා ආශ්‍රිතව ක්ෂණික කෑම දැන්වීම් තහනම් කරන්න යයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු මගී ප්‍රවාහන සේවා ආශ්‍රිතව ක්ෂණික කෑම පිළිබඳ වෙළඳ දැන්වීම් ප්‍රචාරය තහනම් කිරීම කෙරෙහි ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

බටහිර සිඩ්නි ඇතුලු ප්‍රදේශ ගණනාවක දියවැඩියා රෝගීන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළයාම ඊට ප්‍රධාන හේතුවයි.

විශේෂයෙන් නිවසේ සිට පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් පාසල් යන එන අතරමගදී වසරකට සිසුන්ට සෞඛ්‍යයට හිතකර නොවන ආහාර පිළිබඳ දැන්වීම් 2,800 ක් පමණ ඇස ගැටෙන බවටයි හඳුනාගෙන ඇත්තේ.

සිඩ්නි පාසල් සිසුන් අතුරින් සියයට 65 ක් පමණ දියවැඩියා අවධානමක පසුවන බවටද වාර්තා වනවා.

ක්ෂණික ආහාර දැන්වීම් අඩුකරගත හොත් සෞඛ්‍ය සඳහා යෙදවෙන බදු මුදල් ප්‍රමාණයද පාලනය කරගත හැකි බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »