නිවසේ සිට රැකියාවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට හිමිවනුයේ සාපේක්ෂව අඩු වැටුපක් බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය තුල කාර්යාලට පැමිණ සේවයේ නිරත වන සංඛ්‍යාව සියයට 87 ක් දක්වා වර්ධනය වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
ඔස්ට්‍රේලියානු සමාගම්හි සේවයේ නියුතු සේවකයින් අතුරින් සියයට 37 කට වැඩි පිරිසක් නිවසේ සිට සේවයේ නිරතවීමට ප්‍රියතාවක් දක්වන අතර ඔවුන්ගේ වැටුප සාපේක්ෂව පහළ අගයක් ගන්නා බව සඳහන්.
නිවසේ සිට රාජකාරි වල නිරත වන පිරිස හා කාර්යාලයට පැමිණ සේවයේ නිරත වන්නන්ගේ වැටුප් අතර පරතරයක් ඇති කල යුතු බවට බොහෝ සමාගම් ද එකගවී තිබෙනවා.
කෙසේ වෙතත් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ එසේ වැටුප් පරතරයක් ඇති කිරීම මගින් වෘත්තිකයින්ගේ සේවා අයිතිවාසිකම් කඩ වන බවයි.
දුරස්ථ සේවා අවම කරමින් හැකිතාක් සේවකයින් කාර්යාල තුළට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු සමාගම් වලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහන් කර තිබුණා.
ඉදිරි වසර 05 ක කාලය තුල නව ඩිජිටල් තාක්ෂණ මෙවලම් භාවිත කරමින් සේවා ස්ථානවල ප්‍රතිපත්ති නිර්මාණය කිරීම පිළිබදව ද ඔස්ට්‍රේලියානු සමාගම් හී අවධානය යොමුව තිබීම විශේෂත්වයක්.