වික්ටෝරියා යෞවන යෞවනියන් අතර මානසික සෞඛ්‍ය මට්ටම පහළ අගයක

සෙසු ප්‍රාන්තයන්ට සාපේක්ෂව වික්ටෝරියා ප්‍රාන්තයේ යෞවන යෞවනියන් අතර මානසික සෞඛ්‍ය මට්ටම පහළ අගයක පවතින බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

විශේෂයෙන් පශ්චාත් කොවිඩ් සමය තුළ තරුණ වැඩිහිටි ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය තවදුරටත් පහළ අගයක් ගන්නා බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

පැවති කොවිඩ් සංචරණ සීමා හේතුවෙන් වයස අවුරුදු 12 ත් 24 ත් අතර වියෙහි පසුවු නව යොවුන් සහ තරුණ ප්‍රජාව දැඩි ආතතියකින් පෙලුණු බව සඳහන්.

කෙසේ වෙතත් අනෙකුත් ප්‍රාන්තවලට සාපේක්ෂව වික්ටෝරියා ප්‍රාන්තයේ යෞවන යෞවනියන් යළිත් සාමාන්‍ය මානසික මට්ටම් කරා පැමිණීම පහළ අගයක පවතින බවයි වාර්තා වන්නේ.

2021 කොවිඩ් කාලවකවානුව තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවසේ සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමද ළමා මානසික සෞඛ්‍ය පිරිහිම කෙරෙහි බලපා ඇති බවයි සමීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

ළමා මානසික වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දෙමාපියන් තම දරුවන්ගේ මානසික සෞඛ්‍ය නංවාලිම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්විය යුතු බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »