Search

හොඳම ආර්ථික කාර්ය සාධනය සහිත ප්‍රාන්තය බවට වික්ටෝරියා පත්වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් හොඳම ආර්ථික කාර්ය සාධනය සහිත ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්ව තිබෙනවා.

පසුගිය වසරේ එම දර්ශකය තුළ වික්ටෝරියා ප්‍රාන්තයට හිමිව තිබුණේ පස්වන ස්ථානයයි.

මාස 12 ක් තුළදී වික්යෝරියා ප්‍රාන්තය මෙලෙස ඉහළ ප්‍රවණතාවයක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයින් ද මවිතයට පත්ව ඇති බවයි අදාළ වාර්තාව නිකුත් කර ඇති කොම්සෙක් ආයතනය අවධාරණය කරන්නේ.

ශක්තිමත් ආර්ථික වර්ධනය – ස්ථිර වෙළඳ අලෙවි පිරිවැටුම ඉහළ යෑම මෙන්ම ව්‍යාපාරික ප්‍රවණතා මෙලෙස වික්ටෝරියා ප්‍රාන්තය ප්‍රථම ස්ථානය බවට පත්වීමට හේතු සාධක වී තිබෙනවා.

ආර්ථික වර්ධනය – සිල්ලර අලෙවි වියදම් – යන්ත්‍ර උපකරණ භාවිතය – විරැකියාව – ඉදිකිරීම් ක්ශේත්‍රය – ජනගහන වර්ධනය – නිවාස ඉදි කිරීම් සහ වාසස්ථාන ඇරඹීම යන නිර්ණායක 8 සැකලිල්ලය ගනිමින් ආර්ථික කාර්ය සාධන දර්ශකය නිර්මාණය වී තිබුණා.

මෙතෙක් එම දර්ශකයේ ප්‍රථම ස්ථානයේ රැදී සිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නවතම වාර්තා අනුව දෙවන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්.

අවසාන ස්ථානයට පත්වී ඇත්තේ Northern Territory ප්‍රාන්තයයි.

විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයේ පසුවන්නේ වික්ටෝරියා ප්‍රාන්තය වන අතර එය ප්‍රාන්තයේ සාමාන්‍ය අගයට සාපේක්ෂව සියයට 19.7 ක ඉහළ අගයක් ලෙස සටහන් වනවා.

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »