ස්වයං රැකියාවල නියුතු ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි කොටසක් Tax return ඉල්ලුම් කර නෑ

ස්වයං රැකියාවල නියුතු ඔස්ටේ්‍රලියානුවන්ගෙන් වැඩි කොටසක් වාර්ෂික Tax return ලබා ගැනීම සදහා අදාළ ලිපි ලේඛණ ඉදිරිපත් කර නොමැති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

සමීක්ෂණයට සහභාගී වු ඔස්ටේ්‍රලියානුවන් 500ක් අතුරින් සියයට 47කට වැඩි ස්වයං රැකියාලාභීන් පිරිසක් තවමත් අදාළ ලේඛණ ලබා දී නොමැති අතර තවත් සියයට 17ක් ඒ සම්බන්ධ කිසිදු සූදානමක් නොමැති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් මිලියන 1.5 ක් ස්වයං රැකියා වල නිරත වන අතර සෑම වසරකම එම සංඛ්‍යාව ලක්ෂ පහකින් ඉහළ යන බව සදහන්.

නිසි මුල්‍ය කළමණාකාරීත්වයක් සිදු නොවීම හේතුවෙන් ස්වයං රැකියාලාභීන් දැඩි ආර්ථික පීඩනයන්ට පත්ව ඇති බව විචාරකයින් පවසනවා.

කෙසේ වෙතත් වාර්ෂික Tax return ලබා ගැනීම සදහා අදාළ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමේ කාල සිමාව හෙට (31) දිනයෙන් අවසන් වීමට නියමිත අතර ලියාපදිංචි බදු නිලධාරියෙකු මාර්ගයෙන් හෝ තමන් විසින්ම එම තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

අදාළ Tax return ලේඛණ ඉදිරිපත් කිරීමට අපොහොසත් සෑම පුරවැසියෙකුම ඩොලර් 1500ක දඩ මුදලකට යටත් වනු ඇති.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »