Melbourne Cup දින “තිතට මත” ගැන VIC පොලිසිය හා ප්‍රාන්ත රජය කඹ ඇදිල්ලක

ලබන නොවැම්බර් 07 වනදාට යෙදී ඇති Melbourne Cup දිනයේදී ප්‍රසිද්ධියේ මත්පැන් පානයට අවසර ලබාදීම සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය සහ ප්‍රාන්ත රජය අතර මතභේදාත්මක තත්වයක් හටගෙන තිබෙනවා.

පොලිස් නිළධාරීන් විසින් චෝදනා කර ඇත්තේ අදාළ වරද අපරාධමය වරදක් ලෙස නොසැළකීමට ප්‍රාන්ත රජය ගෙන ඇති තීරණය අදූරදර්ශී එකක් වන බවයි.

එමෙන්ම එදින උද්ගතවිය හැකි මහජන පීඩා සිදුවීම්වල වගකීම ප්‍රාන්ත රජය විසින් භාරගත යුතු බවද ඔවුන් අවධාරණය කරනවා.

මෙල්බන් කප් දිනය සැළකෙන්නේ ඔස්ටේ්‍රලියාවේ මත්පැන් පරිභෝජනය ඉහළම දින අතුරෙන් එකක් ලෙසයි.

කෙසේවෙතත් මෙවර එම දිනයේදී ප්‍රසිද්ධියේ මත්පැන් පානය අපරාධමය වරදක් ලෙස නොසළකන බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මීට මාස කිහිපයකට පෙර සිටම නිවේදනය කරනු ලැබුවේ.

Melbourne Cup දිනයේදී වික්ටෝරියා පොලිසිය පවසන ආකාරයේ දරුණු සිදුවීම් අපේක්ෂා නොකරන බවත් වික්ටෝරියා ප්‍රාන්ත නියෝජ්‍ය අගමැති බෙන් කැරොල් අවධාරණය කලා.

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »