
වාර්ෂික Tax return ලබා ගැනීම සදහා අදාළ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමේ කාලය අද දිනයෙන් (31) අවසන් වීමට නියමිතයි.
අද වනවිට අදාළ ලිපි ලේඛන සහ තොරතුරු ලබා දීමට අපොහොසත්වන පුද්ගලයින්හට දඩ නියම වන බවයි බදු කාර්යාලය නිවේදනය කර ඇත්තේ.
ලියාපදිංචි බදු නිලධාරියෙකු මාර්ගයෙන් හෝ තමන් විසින්ම එම තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

අදාළ තොරතුරු ATO වෙබ් අඩවිය ඔස්සේ ඇතුලත් කිරීමේ හැකියාව පවතින අතර අවශ්‍ය මූලික තොරතුරු ද එයින් ලබාගත හැකියි.
එම තොරතුරු පරික්ෂා කර බලා නිවැරදි කිරීමට මෙන්ම නව තොරතුරු ඇතුලත් කිරීමට ද එහිදී අවස්ථාව පවතිනවා.

වාර්ෂික බදු සහන ආදායම වන ඩොලර් 18,200 ට වඩා ආදායමක් උපයන සෑම පුද්ගලයකුම ටැක්ස් රිටන්ස් ලබාදීම අනිවාර්යයි.
එසේ ලබා දීම ප්‍රමාද වන සෑම දින 28 ක් සඳහාම ඩොලර් 313 ක දඩ මුදලක් බැගින් අයවනු ඇති.
කෙසේවෙතත් එලෙස නියම කල හැකි උපරිම දඩය ඩොලර් 1,565 ක්.
Tax return ලබාදීමට නියමිත කාලය ලබන වසරේ මැයි 15 දක්වා දිර්ඝ කර ගැනීමට ද හැකියාව පවතින අතර ඒ සදහා ගණකාධිකාරිවරයෙකු මාර්ගයෙන් ඉල්ලීමක් කල යුතු වනවා.
මේ අතර ඔස්ට්‍රේලියානුවන් අතුරින් 1/10 ක් පමණ Tax return අයදුම් කිරීමේදී ලබාදී ඇත්තේ අසත්‍ය තොරතුරු බවටද අනාවරණය වී තිබෙනවා.
මින් බහුතරයකට එල්ල වී ඇති චෝදනාව වන්නේ අමතර ආදායම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට අපොහොසත්වීමයි.
වාර්ෂික ආදායම ඩොලර් ලක්ෂයට වැඩියෙන් උපයන පුද්ගලයන් අතුරින් සියයට 14 ක්ද ඩොලර් ලක්ෂයට අඩුවෙන් ආදායම් උපයන පුද්ගලයන් අතුරින් සියයට 12 ක්ද මෙලෙස අසත්‍ය තොරතුරු සපයා ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියානු නීතියට අනුව බදු කාර්යාලයට අසත්‍ය තොරතුරු දීම වසර 10 ක උපරිම සිර දඩුවමක් සහ ඉහළ දඩයකට යටත්වීමට සිදුවන අපරාධමය වරදක් ලෙසයි සැළකෙන්නේ.
එමෙන්ම ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් අතුරින් 9/10 ක්ම Tax return ඉල්ලූම්පත් සම්පූර්ණ කර ඇත්තේ දෝෂ සහගත අයුරින් බවට ද බදු කාර්යාලය විසින් තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.
නිවාස කුළී ආදායම නිසි ලෙස ගණනය නොකිරීම – දේපළ වල අලූත්වැඩියා සඳහා අයකරන ගාස්තුවල ගණනය කිරීම් දෝෂ වැනි කරුණු රැසක් හඳුනාගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එකම වියදම කිහිප අවස්ථාවකදී සටහන් කිරීමද ප්‍රධාන දෝෂ අතර වනවා.