සැප්තැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාවේ සිල්ලර අලෙවි පිරිවැටුම ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පසුගිය මාසයේදී එය සියයට 0.9 කින් ඉහළ ගියද ගතවූ මාස 12 සැසඳීමේදී සමස්ත අලෙවි පිරිවැටුම පහළ අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ උණුසුම් කාලගුණයත් සමග ගෘහ භාණ්ඩ- ඇඳුම් පැළඳුම් මෙන්ම ගෙවතු වගා අයිතම සඳහා පිරිවැටුම ඉහළ යාම මීට බලපා ඇති බවයි.
පසුගිය ජූලි මස සියයට 0.3 ලෙස සටහන් වු සිල්ලර අලෙවි පිරිවැටුම අගෝස්තු මස සටහන්ව ඇත්තේ සියයට 0.6 ක් ලෙසයි.
විශේෂයෙන් නවතම අයිෆෝන් මාදිලියේ ඡංගම දුරකතනය නිකුත්වීමද අලෙවි පිරිවැටුම ඉහළ යැම කෙරෙහි බලපා තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය 2022 වසරේ සැප්තැම්පර් මසට සාපේක්ෂව මෙවර වෙළද අලෙවි පිරිවැටුම ඉහළ ගොස් ඇත්තේ සියයට 1.5 ක් වැනි කුඩා අගයකින් බවද සඳහන්.