කොවිඩ් සමයේදී අවලංගු කරනු ලැබූ ගුවන් වාර වෙනුවෙන් මගීන්ගෙන් මුදල් ගසා කෑ බවට එල්ල වන චෝදනා ක්වන්ටාස් ගුවන් සේවය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මීට අදාළව ෆෙඩරල් අධිකරණයක් හමුවේ පාරිභෝගික කොමිසම විසින් පවරා ඇති නඩු විභාගයේදී කරුණු දක්වමිනුයි ඔවුන් මේ බව අවධාරණය කර ඇත්තේ.
ගුවන් වාර 8,000 ක් පමණ අවලංගු කෙරුණද ඒවා අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගැනීමේ පහසුකම අඛණ්ඩව පැවති බවටත් එලෙස වෙන් කරවා ගත් මගීන් වෙනුවෙන් මුදල් ආපසු නොගෙවූ බවටත් ක්වන්ටාස් සමාගමට චෝදනා එල්ල වනවා.
2022 වසරේ මැයි සිට ජූලි දක්වා කාලයට අදාලව සිදුව ඇති මෙම සිදුවීම අහඹු දෙයක් නොවන බවත් ක්වන්ටාස් සමාගම සිතාමතා සිදුකරනු ලැබුවක් බවටත් චෝදනා කරමිනුයි ක්වන්ටාස් සමාගමට එරෙහිව නඩු පවරනු ලැබ ඇත්තේ.
අවලංගු කල සෑම ගුවන් ගමනක්ම වෙනුවෙන් මුදල් ආපසු ගෙවීමට හෝ flight rewards පිරිනැමීමට පියවර ගත් බවයි මීට ප්‍රතිචාර දක්වමින් ක්වන්ටාස් ගුවන් සේවය සන්වා ඇත්තේ.