ඔස්ට්‍රේලියානුවන් 88 ක් තවමත් ගාසා තීරයේ සිරවී සිටින බව හෙළිවෙයි

ගාසා තීරයේ සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් 88 දෙනෙකු මෙතෙක් ඉන් මුදා ගැනීමට හැකිවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරනවා.

ඔස්ට්‍රේලියානු පුරවැසියන් – ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම විවිධ වීසා කාණ්ඩවල සිටින්නන් මේ අතර වන බවයි විදේශ කටයුතු ඇමතිනී පෙනී වොංග් සඳහන් කලේ.

ඊශ්‍රායල සහ ඊජිප්තු බළධාරීන් සමග සාකච්ඡා කර, රෆා පිවිසුම් මාර්ගය විවෘත කරවා ගැනීමට අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත් කියාසිටියේ.

ඒ අනුව මෙම ඔස්ට්‍රේලියානුවන් පිරිසට ගාසා තීරයෙන් ඉවත්වීමට හැකිවනු ඇති බවට අනාවැකි පළවනවා.

මේ අතර ලෙබනනයේ රැඳී සිටින ඔස්ට්‍රේලියානුවන්ට හැකි ඉක්මණින් එයින් පිටත්වන්නැයිද ෆෙඩරල් රජය තවදුරටත් දන්වා සිටිනවා.

කිසියම් අයුරකින් බීරුට් ගුවන් තොටුපළ වසා දැමීමකට ලක්වුවහොත් ඔවුන්ට අඛණ්ඩව එරට තුළ සිරවී සිටීමට සිදුවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »