ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල ගාස්තු නොවැම්බර් අග සිට ඉහළට

අඩු වේග අන්තර්ජාල සබඳතා සහිත පාරිභෝගිකයන්ට ඉහළ අගයකින් අන්තර්ජාල ගාස්තු වැඩි කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සන්නිවේදන සමාගම් කිහිපයක් විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන නොවැම්බර් මාසය අවසානයේ සිට මාසික ගාස්තුව ඩොලර් 05 ත් 10 ත් අතර අගයකින් ඉහළ දැමීමටයි Telstra, Optus, Foxtel සහ Aussie Broadband යන සමාගම් විසින් සැළසුම් කර ඇත්තේ.

NBN හෙවත් ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය විසින් හඳුන්වාදී ඇති නව ගාස්තු එකගතාවයට අනුව මෙම මිළ ඉහළ දැමීම සිදු කෙරෙනු ඇති.

12mbps, 25mbps සහ 50mbps යන අඩුවේග සබඳතා සහිත අන්තර්ජාල පැකේජ භාවිත කරන ඔස්ටේ්‍රලියානුවන් මිලියන ගණනකට මෙම ගාස්තු ඉහළ දැමීම බලපාන බව සඳහන්.

අධි වේග සබඳතා සඳහා මෙය බල නොපාන අතර 2026 වසරේ ජුලි 01 වනදා තෙක් ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල ගාස්තුවල අඩුවීමක් අපේක්ෂා කල නොහැකි බවටයි අනාවැකි පළවන්නේ.

Foxtel is passing on the biggest price increase at a whopping $10 a month, with Optus following closely behind at $6 a month.

Aussie Broadband has factored in an increase of $6 a month for its 12mb, 25mb and 50mb plans.

Telstra has settled on a $5 rise in price for its basic plan, the lowest of all major telcos.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »