Search

ඔස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් එඩී ජෝන්ස් යයි

වොලබීස් හෙවත් ඔස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් එඩී ජෝන්ස් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී ඔහු එම තනතුර භාරගත්තේ වසර 05 ක කොන්ත්‍රාත් කාලයක් සඳහායි.

එහෙත් ඔහුගේ පුහුණුකාර ධුරය යටතේ වොලබීස් කණ්ඩායම මුහුණදුන් තරග නවයෙන් දෙකක් පමණක් ජයග්‍රහණය කල අතර නිමාවට පත්වූ රග්බි ලෝක කුසලානයේදීත් දැක්වූයේ අඩු දක්ෂතායි.

මේ අනුව වසරකටත් අඩු කාලයක් පමණක් පුහුණුකාර තනතුරේ රැඳී සිටීමෙන් අනතුරුව එයින් ඉල්ලා අස්වීමටයි 63 හැවිරිදි එඩී ජෝන්ස් පියවර ගෙන ඇත්තේ.

ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවීමෙන් පසු ජපාන රග්බි කණ්ඩායමේ පුහුණුකාර ධුරය ඔහු විසින් භාර ගැනීමට සූදානම් වන බවට වාර්තා පළවුවද එඩී ජෝන්ස් එම වාර්තා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

වොලබීස් පුහුණුකරු ලෙස එඩී ජෝන්ස් යටතේ ඔස්ට්‍රේලියාව ලබාගත් ජයග්‍රහණ අනුපාතය සියයට 12.5 ක් වන අතර එය කණ්ඩායමේ ඉතිහාසයේ අඩුම සාර්ථකත්වයයි.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »