නවසීලන්තයට යන ඕස්ට්‍රේලියානු සංචාරකයින්ට සති දෙකක නිරෝධායනයකට යොමු නොවී ගමන් කිරීමට හැකි වන ලකුණු!

නවසීලන්තයට යන ඕස්ට්‍රේලියානු සංචාරකයින්ට සති දෙකක නිරෝධායනයකට යොමු නොවී ගමන් කිරීමට හැකි වන ලකුණු!

ලබන වසරේ මුලදී ඕස්ට්‍රේලියාව සමඟ trans-Tasman බුබුලක් පිහිටුවීමට නවසීලන්ත කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බව නවසීලන්ත අගමැති Jacinda Ardern පවසයි. එනම් සංචාරකයින් හට​ නිරෝධායනයකින් තොරව දෙරට අතර ගමන් කිරීමට හැකියාවක්ලැබෙනු ඇත​.

ඕස්ට්‍රේලියාව තුල කොරෝනා සිද්ධි මට්ටම් අඩු මට්ටමක පැවතීම සහ ෆෙඩරල් රජයේ අනුමැතිය, මේ සඳහා වන කොන්දේසි අතර වේ.

සති අන්තයේ නවසීලන්තය සහ කුක් දූපත් (Cook Islands) සමාන සංචාරක බුබුලක් ප්‍රකාශයට පත් කරමින් නිරෝධායනයකින් තොරව දෙරට අතර ගමන් කිරීමට මිනිසුන්ට ඉඩ ලබා දුන්නේය.

ඕස්ට්‍රේලියාව සමඟ සංචාරක බුබුලකට ඉඩ දීමට නවසීලන්තය ගත් තීරණය, පසුගිය සතියේ ක්වීන්ස්ලන්තය තම දේශ සීමාව රටට විවෘත කිරීමට ගත් තීරණය හා සමාන වේ.

බටහිර ඕස්ට්‍රේලියාවට පැමිණී මෙන් පසු දින 14 ක නිරෝධායනයක් අවශ්‍ය වුවද අනෙක් සියලුම ප්‍රාන්ත දැනටමත් නවසීලන්ත සංචාරකයින් සඳහා විවෘත කර ඇත​.

සඳුදා පැවති මාධ්‍ය හමුවකදී නවසීලන්ත අගමැතිනී ආර්ඩර්න් කියා සිටියේ ඕස්ට්‍රේලියාවේ කොරෝනා සිද්ධීන් මට්ටම නැවත වැඩි වුවහොත් මෙම තීරණයට බලපෑම් ඇති විය හැකි බවයි.

(ABCNews)

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »