කැන්බරා නගරවාසීන් ඇවිදීමට වැඩි කැමැත්තක්

කෙටි ගමන් බිමන් සඳහා කැන්බරා නගරවාසීන් වාහන භාවිතය වෙනුවට ඇවිදීම කෙරෙහි වැඩි කැමැත්තක් දක්වමින් සිටින බවට අනාවරණය වී තිබෙනවා.

නගරයේ දිනකට සිදුවන ගමන් බිමන් සංඛ්‍යාව ලක්ෂ 14 කට ආසන්න වන අතර එයින් 1/5 ක් පමණ පයින් ගමන් කිරීම් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙය වසර 05 කට පෙර පැවති තත්වය හා සැසඳීමේදී කැපී පෙනෙන ඉහළයාමක් වීම විශේෂත්වයක්.

කැන්බරා නගර මධ්‍යයේ නිවාස සංකීර්න රැසක් අලුතින් ඉදිවීමත් – කාර්යාල / පාසල් / වෙළඳ සංකීර්ණ වැනි දෑ ඉතා ආසන්නනේ පිහිටා තිබීම හමුවේ ඇවිදයාම පහසුවීම මීට ප්‍රධාන හේතුවයි.

කෙසේවෙතත් වාහන භාවිතය තවමත් ඉහළ අගයක පවතින අතර පොදු ප්‍රවාහන සේවා භාවිතයද සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

එමෙන්ම පාපැදි භාවිතයද කැන්බරා නගරවාසීන් අතර ජනප්‍රිය වෙමින් පැවතීම පරිසරයටද හිතකර බවටයි විශේෂඥයන් මත පළකරන්නේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »