Search

ස්වදේශික භාෂා ආරක්ෂා කරගැනීමට කඩිනම් පියවර ගන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක්

ස්වදේශික භාෂා ආරක්ෂා කරගැනීමට කඩිනම් පියවරක් ගන්නැයි ස්වදේශික සංවිධාන රැසක් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වන සමයේ මෙරට තුළ ස්වදේශික භාෂා 300 කට වැඩි සංඛ්‍යාවක් භාවිතයේ පැවති බව සඳහන්.

එහෙත් මේ වනවිට එය 30 ක් වැනි අඩු අගයකට පත්වී ඇති බවයි ඇබොරිජින් ඇතුලු ස්වදේශික සංවිධාන පෙන්වා දෙන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් දැනටමත් සම්මත කරගෙන ඇති ස්වදේශික භාෂා ආරක්ෂා කිරීමේ නීතිය වැනි ක්‍රියාමාර්ග අනෙකුත් ප්‍රාන්ත විසින්ද අනුගමනය කිරීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කර සිටිනවා.

එසේ නොවුණහොත් ඉදිරි වසර 20 ක් පමණ තුළදී, දැනට භාවිත වන භාෂා සංඛ්‍යාව පවා තුරන් වනු ඇති බවටයි ස්වදේශික සංවිධාන අනතුරු අගවා සිටින්නේ.