Search

ඊශ්‍රාලයට සහය පතා ඔස්ට්‍රේලියා හිටපු අගමැතිවරුන්ගෙන් ලිපියක්

හමාස් සංවිධානයේ ක්‍රියා පිළිවෙත හෙළා දකිමින් ඊශ්‍රායලයට සහය පළකර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට දැනට ජීවතුන් අතර සිටින ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරුන් සූදානම් වනවා.

එම කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් බවත් දැනට ජීවතුන් අතර සිටින ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරුන් 07 දෙනාම ඊට අත්සන් තබනු ඇති බවත් සඳහන්.

හමාස් සංවිධානයේ ක්‍රියාකලාපය මෙහිදී දැඩි ලෙස හෙළා දකිනු ඇති බවටද අනාවැකි පළවනවා.

මේ අතර ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේදී නිහඩව සිටීමට ඔස්ට්‍රේලියාව ගත් තීරණය වැරදි බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.

අමෙරිකාව ඇතුලු මිත්‍ර රටවල් සමග එක්ව ඊශ්‍රායලයට පක්ෂව ඡන්දය භාවිත කල යුතුව තිබූ බවයි ඔහු අවධාරණය කරන්නේ.

ගාසා තීරයේ ගැටුම් වහා නවතා දමා සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය වෙත ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්ද 120 ක් ලැබී තිබූ අතර විපක්ෂව ඡන්ද 14 ක් සහ රටවල් 45 ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට තිබුණා.

මෙහිදී ශ්‍රී ලංකාව ද යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙනු ලැබුවා.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව – ඉන්දියාව – මහා බ්‍රිතාන්‍යය ඇතුලූ රටවල් 45 ක් නිහඩ පිළිවෙතකුයි අනුගමනය කරනු ලැබුවේ.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »