වික්ටෝරියා නාගරික කවුන්සිල ජනතා සහන මගහරින බවට චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ නාගරික කවුන්සිල අතුරින් බහුතරයක් ජනතාවට සහන දීම මගහරින බවට චෝදනා එල්ල වනවා.

නාගරික කවුන්සිල 44 ම සැළකීමේදී ලබාදී ඇති සහන මුදල්වල ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 0.01 ක් ලෙසයි.

එහෙත් ගතවූ මූල්‍ය වර්ෂයේදී බදු ඇතුලු විවිධ අය ක්‍රම හරහා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් උපයාගෙන ඇති ආදායම ඩොලර් බිලියන 3.1 කට අධික බවයි පැවසෙන්නේ.

මෙවැනි විශාල ආදායමක් ලබාගත්තද ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන ජනතාවට කුමන හෝ සහනයක් දීමට පියවර නොගැනීම කණගාටුදායක බවයි සිවිල් සංවිධාන අවධාරණය කරන්නේ.

ජනතාවට අවශ්‍ය සහන දීමට නාගරික කවුන්සිල පණත යටතේ අවශ්‍ය තරම් ප්‍රතිපාදන පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »