වැඩිම සයිබර් ප්‍රහාර එල්ලවන රටවල් අතර ඔස්ට්‍රේලියාව 06 වන ස්ථානයට

ලොව වැඩිම සයිබර් ප්‍රහාර එල්ලවන රටවල් අතර 06 වන ස්ථානයට ඔස්ට්‍රේලියාව පත්වී තිබෙනවා.

මෙම වසරේ මුල් අර්ධයේදී පමණක් මෙරට ගිණුම් ලක්ෂ 19 කට වැඩි සංඛ්‍යාවක් එලෙස අනවසර පිවිසීම්වලට ලක්ව ඇති බව සඳහන්.

ලොව වැඩිම සයිබර් ප්‍රහාරවලට ගොදුරුවන පුද්ගලයන් සිටිනුයේ අමෙරිකාවේ වන අතර මෙම වසරේ දෙවන කාර්තුවේදී ගිණුම් මිලියන 50 කට ආසන්න සංඛ්‍යාවක් සයිබර් ප්‍රහාරවලට ගොදුරු වී තිබුණා.

එය පළමු කාර්තුව හා සැසඳීමේදී සියයට 830 ක පමණ ඉහළයාමක් ලෙසයි වාර්තා වන්නේ.

රුසියාව – ස්පාඤ්ඤය – ප්‍රංශය – තුර්කිය පිළිවෙලින් මුල් ස්ථාන 05 හි සිටින අනෙකුත් රටවල් වනවා.

ඉන්දියාව 07 වන ස්ථානයේත්, ඉතාලිය 08 වන ස්ථානයේත්, මහා බ්‍රිතාන්‍යය 09 වන ස්ථානයේත්, බ්‍රසීලය 10 වන ස්ථානයේත් පසුවනවා.

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »