Search

පිළිකාවකින් සුවය ලබන ඔස්ට්‍රේලියාවේ ලාංකික සිසුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට ඔබටත් අවස්ථාවක්

පිළිකා රෝගයකට ලක්ව දැනට සුවය ලබමින් සිටින ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ලාංකික සිසුවෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඔබටත් අවස්ථාවක් උදාවී තිබෙනවා.

27 හැවිරිදි ජනිත් අකලංක වීරකෝන් කොළඹ මහානාම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වසර 04 ක පාඨමාලාවක් සම්පූර්ණ කර තිබෙනවා.

ඔහු ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ 2021 වසරේ දෙසැම්බර් මාසයේදී මෝටර් කාර්මික යාන්ත්‍රණ පාඨමාලාවක් හැදෑරීම සඳහායි.

2022 වසරේ පෙබරවාරි මාසයේදී ටොයෝටා ආයතනයේ මෝටර් කාර්මිකයෙකු ලෙස පූර්ණ කාලීන රැකියාවක් ඔහුට හිමිවන්නේ ඔහු ලබා ඇති සුදුසුකම් හේතුවෙනුයි.

ජනිත් කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මෙම වසරේ පෙබරවාරි මාසයේදී රෝහල් ගත කෙරෙන්නේ ටොයෝටා ආයතනයේ රැකියාව සිදුකරමින් සිටින අතරවාරයේදීයි.

මොනෑෂ් රෝහලේදී සිදුකරන ලද එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඔහු brain tumor තත්වයකින් පෙළෙන බවයි.

එහිදී මොළයේ ශෛල්‍යකර්මයකට ජනිත් භාජනය කෙරෙන අතර මොළයේ පිළිකාවක් ඇති බවටද වෛද්‍යවරුන් විසින් හෙළිකරගෙන තිබෙනවා.

අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන අතර කොළඹ පුද්ගලික රෝහලකදී සැත්කම් හා පරීක්ෂණ කිහිපයකට භාජනය වනවා.

මේ වනවිට ඔහු සුවය ලබමින් සිටින අතර සතියක පමණ කාලයක සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මේ වනවිට වාට්ටුවකට මාරු කර තිබෙනවා.

ජනිත් අකලංක වීරකෝන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා උපකාර කිරීමට ඔබටත් අවස්ථාවක් පවතිනවා.

ඒ සඳහා පහත ලින්ක් එක වෙත පිවිස ඔබටත් ආධාර කල හැකියි.

https://gofund.me/6eaa5023

පකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

සංචාරක පාකිස්තානු කණ්ඩායම සමග මෙල්බන් හීදී පැවති පළමු තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු නායක Pat Cummins පලමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා දෙනවා කියා ශ්‍රී ලාංකිකයෙකුගෙන් රු.මිලියනයක් වංචා කරලා

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පවසා මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පොලිසිට ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Citizenship ගත් ප්‍රධාන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

2023–24 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාගත් සංකමණික රටවල් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

‘වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය’ ජීවිත අවදානම නොතකා සේවයට කැපවූ වීරවරියකට

“වසරේ ඔස්ට්‍රේලියානුවා” සම්මානය සදහා 2024 අප්‍රේල් 13 බොන්ඩි හන්දියේ දී සිදුවූ පිහි ඇනුම්වලට සම්බන්ධ ඝාතකයාව නැවැත්වූ සිඩ්නි පොලිස් නිලධාරියාව නම් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා පොලීසිය වසරක මෙහෙයුමකින් වෙන්න ගිය විශාල අපරාධයක් මැඩලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඩොලර් බිලියන 50ක් පමණ වටිනාකමින් යුත් රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Read More »