Search

මෙල්බන් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ පලස්තීන ධජ ප්‍රදර්ශනය ගැන මතභේදාත්මක තත්වයක්

මෙල්බන් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ පලස්තීන ධජ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් හටගෙන තිබෙනවා.

ගාසා තීරයේ ගැටුම්වලින් මිය ගිය සිවිල් වැසියන් අනුස්මරණය සඳහායි පලස්තීන හිතවාදීන් විසින් මෙලෙස ධජ 09 ක් ඔසවා ඇත්තේ.

කෙසේවෙතත් මෙල්බන් යුදෙව් ප්‍රජාව මෙන්ම ඊශ්‍රායල හිතවාදී කොටස් මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් පළකර තිබෙනවා.

මෙය සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු දින තලේබාන් කොඩිය ප්‍රදර්ශනය හා සමාන ක්‍රියාවක් බවටයි ඔවුන් චෝදනා කර ඇත්තේ.

එහෙත් පලස්තීන හිතවාදීන් අවධාරණය කර ඇත්තේ මෙය හදිසියේ ගත් තීරණයක් නොව මාස 12 කට පෙර ලබාගත් අවසරයක් මත ක්‍රියාත්මක කරනු ලැබුවක් බවයි.

පලස්තීන ජාතික දිනය සැමරීමේ අරමුණ ඇතිව මෙලෙස එම ධජ ප්‍රදර්ශනය කෙරුණු බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »