දකුණු ඔස්ට්‍රේලියා රෝගීන්ගේ පුද්ගලික දත්ත සොරාගැනීමේ සිදුවීමක්

දකුණු ඔස්ට්‍රේලියාවේ පොදු රෝහල්වල ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ පුද්ගලික දත්ත සොරාගැනීමේ සිදුවීමක් පිළිබඳ වාර්තා වී තිබෙනවා.

121 දෙනෙකුගේ නම් සහ 12,000 කට ආසන්න පිරිසකගේ නම් සහ දුරකථන අංක මෙහිදී අවභාවිත වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙය කිසියම් 03 වන පාර්ශවයක් විසින් අත්වැරදීමකින් සිදුකරනු ලැබූ ක්‍රියාවක් හේතුවෙන් සිදුව ඇති බවටද තහවුරු වී තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ අදාළ සංවේදී තොරතුරු වෙනත් අයෙකු අතට පත් නොවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

මෙම සිද්ධිය පිළිබඳ පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය ඇමතිවරයා පවසා ඇත්තේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »