Search

ක්වීන්ස්ලන්ඩ් ස්ථාන රැසක ලැව්ගිනි තත්වය දරුණු අතට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ස්ථාන රැසක පවතින ලැව්ගිනි තත්වය දරුණු අතට පත්වී තිබෙනවා.

මේ වනවිට ස්ථාන 60 ක පමණ සක්‍රීය ලැව් ගිනි පවතින බවටයි ආපදා අංශ අනාවරණය කරන්නේ.

එයින් බහුතරයක තදාසන්න ජනකාවට වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයක පවතින ලැව් ගිනි හමුවේ මෙම සතිය තුළදී පමණක් නිවාස 32 ක් මුලූමණින්ම විනාශ වී තිබෙනවා.

හෙක්ටයාර 20,000 කට ආසන්න භූමි ප්‍රමාණයක් මේ වනවිට ගිනි ගෙන විනාශ වී ඇති බව සඳහන්.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකට ඉදිරි දිනවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි තත්වයක් අපේක්ෂා කෙරෙනවා.

එමගින් ලැව්ගිනි තත්වයන් යම්තාක් දුරකට පාලනය වනු ඇති බව ද සඳහන්.

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »