වික්ටෝරියා ඉවතලන කෑන් වෙනුවෙන් මුදල් ලබාදීම ලබන 01 දා සිට

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉවතලන කෑන් වෙනුවෙන් මුදල් ලබාගත හැකි ස්ථාන පිළිබඳ තොරතුරු අන්ත්ර්ජාලයට මුදා හැර තිබෙනවා.

එක් අසුරණයකට ඩොලර් ශත 10 ක් බැගින් මුදල් ලබාදීම ලබන බදාදා එනම් නොවැම්බර් 01 වනදා සිට ආරම්භවීමට නියමිතයි.

දැනට මෙවැනි ස්ථාන 200 ක් වික්ටෝරියාව පුරා ඇති අතර ලබන වසරේ අගෝස්තු මාසය වනවිට අදාළ ස්ථාන සංඛ්‍යාව 600 දක්වා ඉහළ නැංවීම ප්‍රධාන ඉලක්කයක් බව සඳහන්.

වීදුරු – කාඩ්බෝඩ් – ප්ලාස්ටික් හෝ ඇලුමිනියම් වලින් නිෂ්පාදිත අසුරණ මේ යටතේ භාරදිය හැකියි.

කෙසේවෙතත් කිරි – රස කල කිරි – කෝඩියල් – සිරප් – මත්පැන් වැනි දියර අසුරණ භාර ගැනීමක් සිදුවන්නේ නැහැ.

වසර 03 කට ආසන්න කාලයක් පුරා අත්හදා බැලීමෙන් අනතුරුවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

මේ අනුව ලබන බදාදායින් පසු මෙවැනි ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන එකම ප්‍රාන්තය බවට ටස්මේනියාව පත්වනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »