
ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනියගේ ක්‍රියා කලාපය හමුවේ ප්‍රාන්ත වැසියන් දැඩි කලකිරීමකට පත්ව ඇති බව නවතම මත විමසුමකින් තහවුරු වී තිබෙනවා.
වසර 08 ක අග්‍රාමාත්‍ය ධූර කාලය තුල ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කාර්ය සාධන ශ්‍රේණිගත කිරීම් ද පහල වැටී ඇති බව ද සඳහන්.
ප්‍රාන්තයේ පැවති මත විමසුමක දී තහවුරු වී ඇත්තේ මහජන ප්‍රසාදය අවම අග්‍රාමාත්‍යවරිය ද ඇය වන බවයි.

මත විමසුමට ප්‍රතිචාර දැක්වූවන් අතුරින් සියයට 52 ක් ඇයගේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කර ඇති අතර සියයට 32 ක් පමණක් ඇයගේ කාර්යයන් සම්බන්ධයෙන් සෑහිමට පත්වන බව තහවුරු කර තිබෙනවා.
එම පිරිස අතුරින් සියයට 10 කට ආසන්න පිරිසක් ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටියා.

ප්‍රාන්තය තුළ මැතිවරණයක් පැවැත්වුවහොත් තමන් ජන්දය ලබා දෙන පක්ෂය කුමක් ද යන ප්‍රශ්ණයට පිලිතුරු දෙමින් ප්‍රතිචාරකයින් වැඩි පිරිසක් කියා සිටියේ තමන් ලිබරල් සන්දානය වෙත සහය පල කරන බවයි.
ඒ අනුව ලිබරල් පක්ෂයට සහය පල කරන පිරිස සියයට 41 ක් ද ලේබර් පක්ෂය සදහා සහය පල කරන පිරිස සියයට 33 ක් වන අතර ග්‍රීන්ස් පක්ෂය සඳහා සහය පළ කරන පිරිස සියයට 13 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
සමීක්ෂණයට සහභාගීවුවන් අතුරින් සියයට 47 කට වැඩි පිරිසක් ක්වින්ස්ලන්ඩ් වත්මන් පාලක පක්ෂ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක පසුවන වනයි අනාවරණය වී ඇත්තේ.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ වසරකට ආසන්න කාලයක් පමණයි.