සූර්ය පැනල මගින් වාර්ෂික විදුලි ගාස්තු $ 2,000 කින් ඉතිරි කරගත ගත හැකි බව හෙළිවෙයි

සූර්ය පැනල සවිකිරීම මගින් වාර්ෂික විදුලි බිල්පත් ගාස්තු ඩොලර් 2,000 කට වැඩි ප්‍රමාණයකින් ඉතිරි කරගත ගත හැකි බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

විශේෂයෙන් සාමාන්‍ය නිවාස ඒකකයක් සදහා වාර්ෂිකව ඩොලර් 822 ත් 1350 ත් අතර වාසි එහිදී අත්කර ගත හැකි බවයි සඳහන් වන්නේ.

ධාරීතාව කිලෝ වොට් 8.5 ක වැඩි අගයක් සහිත සූර්්‍ය පැනල සවිකිරීම මගින් වාර්ෂිකව ඩොලර් 1322 ත් 2252 ත් අතර අගයක් ඉතිරි වනු ඇති.

ඒ අනුව සූර්ය පැනල සවිකිරීම මගින් වාර්ෂිකව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට ඩොලර් 1104 ක මුදලක් ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් සදහා ඩොලර් 1015 ක් / දකුණු ඕස්ට්‍රේලියානුවන් සඳහා ඩොලර් 930 ක් ද / වික්ටෝරියානු වැසියන් සදහා ඩොලර් 687 මුදලක් ද වාර්ෂික විදුලි වියදමින් පාලනය කරගත හැකිවනු ඇති.

සූර්ය බලශක්තිය ඕස්ට්‍රේලියානුවන්ගේ බලශක්ති ඉල්ලුම සදහා සහනධායි විකල්පයක් වන අතර රට තුල සුර්ය පැනල ව්‍යාප්ත කිරීම සදහා ෆෙඩරල් රජයේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් ඔස්ටේ්‍රලියානුවන්ගෙන් තුනෙන් එකක් මේ වන විටත් තම නිවෙස් සදහා සූර්්‍ය පැනල සවි කර තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »