නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් QLD රෝහල් ගතවන්නන් දෙගුණයකින් ඉහළට

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවධානම හේතුවෙන් රෝහල් ගතවන්නන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

වයෝවෘද්ධ මෙන්ම අඩු ප්‍රතිශක්තිකරණයක් සහිත පුද්ගලයින් යාවත්කාලීන කරන ලද කොවිඩ් එන්නත් ලබා ගත යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ.

ඉදිරි සතිය තුළ තවදුරටත් රෝහල් ගතවීම් අගය ඉහළ යා හැකි අතර වයස අවුරුදු 65 ත් 75 ත් අතර වියෙහි පසුවන්නන්ට වැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා තිබෙනවා.

කොවිඩ් වෛරසය නව ප්‍රභේද යටතේ ව්‍යාප්ත වෙමින් පවතින අතර මේ වන විටත් ලොව පුරා විකෘති ප්‍රභේද 30 කට වඩා හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විකෘති කොවිඩ් වෛරස ප්‍රභේදවල අවධානම හේතුවෙන් බි්‍රතාන්‍යය තුළ ඇතැම් ප්‍රදේශවල සංචාරය සඳහා සීමා පැනවීමට ද එරට බළධාරීන් පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් ක්වින්ස්ලන්ඩ් සෞඛ්‍ය බලධාරීන් දන්වා ඇත්තේ මෙම වසර තුළ මෙතෙක් කොවිඩ් එන්නත් ලබා නොගත් පුද්ගලයින් හැකි ඉක්මනින් එන්නත්කරණය සදහා යොමුවන ලෙසයි.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »