Search

ඔස්ට්‍රේලියානු කාන්තාවන්ට විද්‍යුත් වාහන එපා වෙයි

ඔස්ට්‍රේලියාවේ පිරිමින්ට සාපේක්ෂව මෙරට කාන්තාවන් විද්‍යුත් වාහන මිලදී ගැනීමේ කැමැත්ත අඩු බව බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ විද්‍යුත් වාහන අලෙවිය මෙන්ම ජනප්‍රියතාව වැඩි වුව ද වාහන මිලදී ගැනීමේදී ස්ත්‍රි පුරුෂ දෙකොට්ඨාශය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බවයි.

මේ හේතුවෙන් විද්‍යුත් වාහන නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් කාන්තා ආකර්ෂණය වැඩි වන අයුරින් විද්‍යුත් වාහන නිශ්පාදනය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව අලෙවිකරණ උපාය මාර්ග වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද අලෙවිකරුවන්ගේ අවධානය යොමුව ඇති බව සදහන්.

පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය තුළ විද්‍යුත් වාහන මිලදී ගන්නන් අතුරින් සියයට 67 ක් පිරිමි පාර්ශවය වන අතර කාන්තාවන්ගේ එම අගය පවතින්නේ සියයට 33 ක් ලෙසයි.

කෙසේ වෙතත් පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාව තුළ එම අගය තවදුරටත් පහළ අගයක් ගන්නා බවයි.

විශේෂයෙන් ඔස්ට්‍රේලියාව තුල ස්ත්‍රි පුරුෂ වැටුප් පරතරයෙන්හි වු විශමතාව විද්‍යුත් වාහන මිලදී ගැනීමේ දී කාන්තා ප්‍රවණතාවය අඩු අගයක පැවතීමට සෘජුව බලපා තිබෙනවා.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »