Search

Citizenship අයදුම්පත් සැකසීමේ ප්‍රමාදයේ විශාල අඩුවක්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන නවසීලන්ත ජාතිකයින් 22,500 කට වැඩි පිරිසක් පසුගිය ජූලි 01 සහ අගෝස්තු 31 අතර කාලයේදී නව ඍජු මාර්ගය හරහා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලූම් කර තිබෙනවා.

මෙම කාල සීමාව තුළ පුරවැසිභාවය සඳහා යොමු කරන ලද සම්පූර්ණ අයදුම්පත්‍ වලින් සියයට 45 ක් එමගින් නියෝජනය වන අතර අගෝස්තු 31 වන විට, එම අයදුම්පත් වලින් 766 ක් අනුමත කර තිබුණා.

පුරවැසිභාවය සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් සැකසීමේ ප්‍රමාදය විශාල වශයෙන් අඩු වෙමින් පවතින බවටයි වාර්තා වන්නේ.

2023 අගෝස්තු 31 වන විට පුරවැසි භාවය සඳහා එවූ අයදුම්පත් 88,310 ක් ඉතිරිව තිබූ අතර එය 2022 අගෝස්තු 31 වනදා වන විට තිබු අයදුම්පත් ගණනින් සියයට 24 ක අඩුවීමක්.

පුරවැසිභාවය සඳහා අයදුම්පතක් යොමු කිරීමේ දිනයේ සිට පුරවැසිභාවය පිළිබඳ තීරණය ලැබීමේ දිනය දක්වා සාමාන්‍ය සැකසුම් කාලය පසුගිය වසරේදී දින 353 ක් ලෙස පැවතුණා.

එම කාලය මෙම වසරේදී දින 168 ක් දක්වා සියයට 53 කින් අඩු වී තිබෙනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »