Search

ඕස්ට්‍රේලියාව තුළ පර්යේෂණ වෙනුවෙන් $ මිලියන 650 ක අමතර මූල්‍යාධාර

ඕස්ට්‍රේලියාව තුළ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 650 ක අමතර මූල්‍යාධාර වෙන් කිරීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

කර්මාන්ත අමාත්‍ය එඩ් හුසීක් සඳහන් කර ඇත්තේ ඉදිරි වසර 10 සඳහා වෙන් කර ඇති ඩොලර් බිලියන 04 ක පැකේජයට අමතරව මෙම මුදල වෙන් කෙරෙන බවයි.

විශේෂයෙන් විශ්ව විද්‍යාල මට්ටමින් සිදුවන පර්යේෂණවල සාර්ථකත්වය සදහා අවශ්‍ය සහයෝගය ලබා දීම මෙහි අරමුණ වී තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එඩ් හුසීක් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ රටේ ආර්ථිකය නගා සිටුවීම සදහා වැදගත් තීන්දු තීරණ ගැනීම සදහා විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායම් ඒකාබද්ධව ඔවුන්ගේ පර්යේෂණ සිදු කළ යුතු බවයි.

රටේ ජනතාවට සාධනීය අනාගතයක් ලබාදීමට කණ්ඩායම් හැගීමෙන් එකට එක්ව කටයුතු කිරිමට අදාළ අංශ දිරිමත් කිරීම සම්බන්ධයෙන් එඩ් හුසීක් එහිදී අදහස් ප්‍රකාශ කළා.

සියලූ කටයුතු සදහා මූල්‍යමය දායකත්වයක් ලබාදීමට ෆෙඩරල් රජය එකගතාව පළ කිරීම ද විශේෂත්වයක්.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »