ඔස්ට්‍රේලියාවේ ගිනි අවි පාලන නීති ගැන අමෙරිකා උප ජනාධිපතිනී ගේ ප්‍රසාදය

ඔස්ටේ්‍රලියාවේ ගිනි අවි පාලන නීති සම්බන්ධයෙන් අමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් ප්‍රසාදය පළකර තිබෙනවා.

අමෙරිකා නිල සංචාරයක නිරත අගමැති ඇන්තනී ඇල්බනීස් සමග පැවති ද්වි පාර්ශවික් සාකච්ඡාවකින් අනතුරුවයි ඇය මේ බව කියාසිටියේ.

උප ජනාධිපතිනියගේ මෙම ප්‍රකාශයට ආසන්නතම හේතුව වූයේ පෙරේදා රාත්‍රියේ අමෙරිකාවේ මෙයින් හිදී සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයන් 18 දෙනෙකු මියයාමේ සිදුවීමයි.

අමරිකානු දරුවන්ගේ මරණවලට ප්‍රධානතම හේතුව වෙඩි තැබීම් බවද ඇය අවධාරණය කලා.

ඔස්ටේ්‍රලියාවේ පවතින ගිනි අවි පාලන නීති මෙන් අමෙරිකාව තුළද නීති ශක්තිමත් කල යුතු බවයි අමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් සඳහන් කර ඇත්තේ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »