වික්ටෝරියා කිරි සේවක වර්ජනය අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි කර්මාන්ත සේවකයන් දින කිහිපයක් පුරා පවත්වාගෙන ගිය වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් පාලනාධිකාරීන් සමග ඇතිකරගත් එකගතා අනුවයි.

මේ අනුව ඉදිරියේදී අඛණ්ඩව දින 06 ක් පුරා සිදුකිරීමට සැළසුම් කර තිබූ වර්ජනයද අවලංගු කර තිබෙනවා.

නව ගිවිසුම යටතේ වසර 03 කදී සියයට 14 ක වැටුප් වැඩිවීමක් ලබාගැනීමට කිරි සේවකයන්ට අවස්ථාව උදාවනවා.

පසුගිය දින කිහිපය පුරා වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි සේවකයන් 1,400 ක් පමණ සිදුකල වැඩ වර්ජන හමුවේ සැපයුම් සඳහා දැඩි බාධා එල්ල වී තිබුණා.

ඒ අනුව ඇතැම් සුපිරි වෙළඳසැල් විසින් කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා සීමා පැණවීම්ද දක්නට ලැබුණා.

කිසියම් අයුරකින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව පැවතියේ නම් වික්ටෝරියා හි කිරි නිෂ්පාදන මිළ ගණන් කැපී පෙනෙන ඉහළයාමකට පවා ලක්වීමටයි ඉඩ පැවතියේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »