Search

Cash rate අගයේ ඉහළයාමක් ගැන මාස 07 කට පසු බැංකු 04 න් ම අනාවැකියක්

ලබන නොවැම්බර් 07 වනදාට යෙදී ඇති මීළග පොළී අනුපාතික වෙනසේදී cash rate අගය අනිවාර්යයෙන්ම වැඩි කෙරෙනු ඇති බවට ප්‍රධාන බැංකු 04 ම අනාවැකි පළ කරනවා.

ඒ අනුව සියයට 0.25 කින් cash rate අගය ඉහළ දැමෙනු ඇති අතර ඒ අනුව එම අගය සියයට 4.35 දක්වා වැඩි වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

සැප්තැම්බර් කාර්තුවේදී අපේක්ෂා කල මට්ටමට වඩා වැඩි අගයකින් එනම් සියයට 1.2 කින් උද්ධමනය ඉහළ ගොස් තිබීමයි මීට මූලික හේතුව වන්නේ.

අවසන් වරට ප්‍රධාන බැංකු 04 ම විසින් මෙලෙස පොළී අනුපාතික ඉහළයාමක් පිළිබඳ අනාවැකි පළකරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීයි.

කිසියම් අයුරකින් cash rate අගය සියයට 0.25 කින් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ලැබුවහොත්, ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුගේ මාසික වාරික මුදල ඩොලර් 76 කින් පමණ ඉහළ යාමට නියමිතයි.

ඒ අනුව අවස්ථා 13 කදී සිදුකල cash rate අගයන් ඉහළ යාම් හේතුවෙන් සමස්ත වාරික ඉහළයාම ඩොලර් 1,210 ක් පමණ බවටයි තක්සේරු කර ඇත්තේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »