
ඔස්ට්‍රේලියානුවන් අතුරින් 2/3 කට වැඩි පිරිසක් බදු සහන ලබාදීම සඳහා විරුද්ධ බවට සමීක්ෂණයකදී අදහස් දක්වා තිබෙනවා.
ඊට නොවී ඇත්තේ සියයට 24 ක පිරිසක් පමණයි.
පසුගිය ලිබරල් සන්ධාන රජය විසින් ප්‍රකාශයට පත් කල බදු වැඩපිළිවෙලට අනුව ලබන වසරේ ජූලි මාසයේ සිට මෙම බදු සහන කපා හැරීම බලාත්මත වනවා.

ඒ යටතේ ඩොලර් 45,000 ත් ඩොලර් ලක්ෂ 02 ත් අතර වාර්ෂික ආදායමක් උපයන පුද්ගලයන්ගෙන් අය කෙරෙන උපරිම බදු ප්‍රතිශතය සියයට 30 කට සීමා කෙරෙනු ඇති.
ඉහළ ආදායම් උපයන පුද්ගලන්ගෙන් බදු අය කිරීම සීමා කිරීම පිළිගත නොහැකි බවත් වසර 10 කදී ෆෙඩරල් රජයට ඩොලර් බිලියන 300 ක පමණ බදු ආදායම්ක අහිමිවනු ඇති බවත් සමීක්ෂණයට සහභාගීවූවන් පවසා තිබෙනවා.

කුමන බදු සහන ලබා දුන්නද එයින් සහන සැළසිය යුතු වන්නේ අඩු සහ මැදි ආදායම් ලබන්නන්ට බවයි ඔවුන් තවදුරටත් අවධාරණය කර ඇත්තේ.