Search

සෞඛ්‍ය සම්පන්න පරිසරයක අයිතිය නීතිගත කළ ප්‍රථම ප්‍රාන්තය ACT වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ඇති අයිතිය නීතිගත කළ ප්‍රථම ප්‍රාන්තය බවට ACT පත්වී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සම්පන්න පරිසරයක් තුළ ජීවත් වීමේ අයිතීය කඩවන පුද්ගලයින්ට ප්‍රාන්ත මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට ද හැකිවනු ඇති.

එම අයිතීන් නීතිගත කෙරුණද අදාළ අයිතීන් කඩවීම් වලට එරෙහිව දඩුවම් කවරේද යන්න මෙතෙක් තීරණය කර නැහැ.

දේශගුණික විපර්යාස මගින් සිදුවන බලපෑම් ආමන්ත්‍රණය කිරීම ඇතුලූ අනාගත පරම්පරාව වෙනුවෙන් සුදුසු පරිසරයක් ගොඩනැගීම මෙහි අරමුණ වී තිබෙනවා.

ඊට අමතරව පිරිසිදු වාතය – ආරක්ෂිත දේශගුණයක් – පිරිසිදු ජලය සඳහා ප්‍රවේශවීමේ හැකියාව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට වූ අයිතීන් පිළිබදව ද අවධානය යොමු වනු ඇති.

විශේෂයෙන් බලධාරීන් ප්‍රතිපත්ති සකස් කිරීමේ දී මෙන්ම නව ව්‍යාපෘතින් හදුන්වාදීමේ දී පුද්ගලයින්ට සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ඇති අයිතිය ආරක්ෂි කිරීමට බැදි සිටිය යුතු බව ද සදහන්.

මානව හිමිකම් අමාත්‍ය ටාරා චෙයින් සදහන් කර ඇත්තේ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සදහා වු අයිතීන් ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුකුලව අත්හදා බැලීම් සිදු කරන බවයි.

අදාළ නීති මගින් වන විනාශය, බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම, ෆොසිල ඉන්ධන දහනය කිරීම, ජෛව පරිසර පද්ධතියට සිදුවන බලපෑම අවම කිරීමට හැකි වනු ඇති.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »