උමං මාර්ග නීති කඩන NSW ට්‍රක් රියදුරන්ට $ 4,097 ක දඩයක්

නිසි පරිදි උමං මාර්ග භාවිත නොකරන ට්‍රක් රථ රියදුරන්ට එරෙහිව ඩොලර් 4,097 ක දඩයක් නියම කිරීමට නිව් සවුත් වේල්ස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන් සිඩ්නි නගරයේ උමං මාර්ගය තුළට ට්‍රක් රථ ඇතුල් කිරීමට පෙර වාහනයේ උස, බර, පටවා ඇති ධාරීතාව ඇතුලූ එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිල්ලක් දක්වන ලෙසයි බලධාරීන් අනතුරු අගවා ඇත්තේ.

පසුගිය සතියේදී සිඩ්නි නැගෙනහිර උමං මාර්ගයක විශාල ට්‍රක් රථයක් ඇතුල්වී සිරවීමත් සමග දැඩි තදබදයක් ඇති වුණා.

මේ හේතුවෙන් බර වාහන සදහා උමං මාර්ග භාවිත කිරීමට තාවකාලිකව තහනම් පණවා ඇති අතර පසුගිය ජූනි සිට මේ දක්වා සිඩ්නි නගරයේ වු උමං මාර්ග 33 ක් අතුරින් 14 කම බරවාහන සිරවීම් වාර්තා වී ඇති බව සඳහන්.

යකඩ සහ යන්ත්‍රෝපකරණ ප්‍රවාහනය කරන ට්‍රක් රථ අදාළ භාණ්ඩ ප්‍රවාහනයට පෙර නිසි ආරක්ෂිත වැස්මකින් ආවරණය කර ප්‍රවාහනය කරන ලෙසයි බලධාරීන් උපදෙස් ලබා දී ඇත්තේ.

2023 වසරේ මේ දක්වා කාලය තුළ නියමිත උස අභිබවා ගිය ට්‍රක් රථ අනතුරු 102 ක් සිදුවී ඇති අතර පසුගිය වසරේ පමණක් සිදුවු අනතුරු ගණන 161 ක්.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »